• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    ඔබගේ විවාහ මංගල උත්සවය කොරෝනා නිසා ප්‍රමාද ද ?

    • Share
    • Bookmark
    • July 24, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    මේ දිනවල අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම බලපාන ප්‍රධානම ප්‍රශ්ණයක් තමයි මේ කොරෝනා කියන්නේ. මෙන්න මේ කොරෝනා නිසා මුළු ලෝනයක්ම ආර්ථික, සමාජීය, වශයෙන් පීඩාවට පත් වෙලා තියනවා. ඉතින් මිනිසුන්ගේ එදිනෙදා කටයුතු වගේම විශේෂ අවස්ථාද මෙන්න මේ කොරෝනා තත්ත්වය නිසා බිල්ලට දෙන්න සිදු වෙලා තියනවා. අවුරුදු ගණන් මාස ගණන් සිහින මැව්ව වෙඩින් එක නියමිත දිනයට ගන්න බැරුව ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියනවා. අන්න ඒ හේතුව නිසා ළඟ එන දිනවල විවාහ මංගල උත්සවය ගන්න ලෑස්ති වෙලා හිටපු අයට අනුගමනය කරන්න ඕන ක්‍රියා පිළිවෙත් මොනවාද කියලා අපි අද සාකච්ඡා කරනවා. මේ දේවල් ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. තමන්ගේ විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන ක්‍රියා පිළිවෙත මොකද්ද කියලා මේ අය මේ වෙලාවේ දෙගෙඩියාවෙන් තමයි ඇත්තේ. විවාහ මංගල උත්සවයක් කියන්නෙ ගොඩක් අය ඒකරාශී වන අවස්ථාවක්. මේ වෙනකොට කොරෝනා වැළඳිලා තියෙන්නේ පිටරට ඉදන් ආපු අයට විතරක් නෙවෙයි. මුළු මහත් ලෝකයම මේ වෙලාවේ දැඩි අපහසුතාවයට පත් වෙලයි ඉන්නේ. ඒ නිසා ඕනෑම ආකාරයක පිරිස් එක් රැස් වීමක් කියන්නේ භයානක තත්ත්වයක්. වෛරසය කාට කාට ආසාදනය වෙලාද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් මේ කාලයේ විවාහ මංගල උත්සවයක් පවත්වන්නේ නැති එක තමයි නුවණට හුරුම දේ. දැන් ඉතින් මොකද්ද අපි මේකට කරන්නේ. එකක් තමයි නිරෝධායන නීති රීති වලට අනුව තමන්ගේ විවාහ මංගල උත්සවය පවත්වන එක. අනික් එක තමයි විවාහ මංගල උත්සවය කල් දමන එක. මෙන්න මේ කාරණා දෙකෙත් එකක් ඔබට තොරාගන්න වෙනවා. අනිවාර්යෙන්ම දෙදෙනා එක්ක කථා බහ කරලා තමයි මේ තීරණය ගන්න ඕන. කොහොම වුණත් මෙන්න මේ දේවල් කරද්දී අපි ඔබට උපදෙස් කිහිපයක් ලබා දෙනවා.

    දෙදෙනාම මේ සම්බන්ධයෙන් කථා කරන්න

    මුලින්ම ඔයාගේ සහකාරයා හෝ සහකාරිය එක්ක මේ සම්බන්ධව කථා කරන්න. මොකද ගොඩාක් කල් ඉඳන් ඔය දෙන්නා සිහින මවපු දිනයක් සඳහා තමයි මේ අර්බුදය ඇවිත් තියෙන්නේ. ඉතින් අපිට එකපාරටම සිතාගන්න බැරිවෙනවා කරන්න ඕන දේ.අපිට සමහර විට මානසිකව මේ දේ බලපාන්න පුළුවන්. මේ අැතිවෙලා තියන තත්ත්වය ඉතාම භයානකයි. ඉතින් මේ තත්ත්වය නිසා ඔබට මුහුණ දීමට සිදුවෙන දේවල් අසීමිතයි. හැමෝම අහනවා කවද්ද වෙඩින් එක ගන්නේ. දැන් ලෑස්තිද? මෙන්න මේ වගේ දේවල් නිසා ඔබේ ඔළුවත් නිදහසක් නැතිව ඇති. මිනිස්සු මෙහෙම අහද්දී ඒ දේවල් තනියම විඳ දරා ගන්න ලෑස්ති වෙන්න එපා. තමන්ගේ ආදරණීය සහකරු හෝ සහකාරි එක්ක මේ දේවල් කථා කරන්න. හැබැයි ඒ අතරෙම මේ ගැන සිහි බුද්ධියෙන් සිතන්න. ඉස්සරහට එන අභියෝගය ගැන කල්පනාවෙන් වැඩ කරන්න එකිනෙකාට සහාය වෙන්න උත්සාහ කරන්න. ඉස්සෙල්ලම ඔය දෙන්නා මේ තත්ත්වය ගැන අවබෝධ කරගත්තට පස්සේ දෙපාර්ශවයේම අම්මලා තාත්තලාට කියන්න.

    වෙඩින් ප්ලෑනින් වලට සම්බන්ධ කරගත් අය දැනුවත් කරන්න.

    වෙඩින් එක කල් දාන්න තීරණය කරාට පස්සේ අනිවාර්යෙන්ම වෙඩින් ප්ලෑන් එකට සම්බන්ධ කරගත් අය දැනුවත් කරන්න ඕන. විශේෂයෙන්ම හොටෙල් එක සැරසිලි කේක් ඡායාරූපකරණය සැලොක් එක ඇදුම් පැළදුම් නිර්මාණ ඇතුළු හැමදේම කලින් දැනුවත් කරන්න ඕන. ඒ අය අපි කියන්නත් කලින් වෙඩින් කල් දාන්න සැළසුම් කරලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ ගන්න තීරණයම වැඩිය පහු නොකර ඒ අයට දැනුම්දෙන්න. ඒ අය සමඟ සාකච්ඡා කරලා අලුත් දිනයක් දාගන්න එක ගැන කථා කරන්න. ඒ අනුව ඉදිරියට කරන්න ඕන දේ මොකද්ද කියලා හැමෝම එකතුවෙලා සාකච්ඡා කරන්න.

    කාලය ගැන සිතන්න

    කොරෝනා තත්ත්වය ලෙසි පහසු දෙයක් නොවෙයි. ලෝකයේ සෑම මිනිසෙකුගේම ජීවිතය පසු පසට ඇදලා දැන්න මේ කොරෝනා තදින්ම බලපානවා.දැන් ලංකාවේ මේක පැතිරෙන්න පටන් අරන් දැන් මාස හතර පහක්ම වෙනවා.මේ මාස හතර පහ ඇතුළත හැමෝගේම සිහින පසු පසට ගියේ හැමෝගේම හදවත්වලට දුකක් දෙමින්.මොකද කොරෝනා නිසා ජිවිතය පස්සට යන එක නවත්වන්න බැහැ. මෙන්න මේ තත්ත්වය නිසා මිනිසුන් විවිධාකාර ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදු වෙනවා. මේ වෙද්දී කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2800 ත් ඉක්මවලා තියනවා. මේ දේවල් මාධ්‍ය මඟින් නිතර නිතර මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි මංගල උත්සව කල් දාන්න කිය කිය හැමෝම කියනවා. කොහොම වුණත් රජය සහ අදාළ බලයලත් නිළධාරීන් විසින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට ලත් කරන්න ඇඳිරිනීතිය පනවන්න ගුවන් ගමන් සීමා කරන්න ඇතැම් පොදු අවකාශ වසා දමන්න තීරණ අරන් තියන නිසා තව මාස කිහිපයක් ඇතුළත මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා අපි සිතමු. නමුත් දැන් ඇඳිරිනීතිය ඉවත් කරත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් තවත් කෙරෝනා රෝගීන් වාර්තා වීමත් එහි රැකියා කළ පුද්ගලයන් රට වටා සංචරණය කිරීම හේතු කරගෙන නැවතත් මේ කොරෝනා රෝගී තත්ත්වය වැඩි වීමටත් හේතු සාධක වී තියනවා. කොයි මොහොතේ හෝ ආයේ ඇඳිරීනීතිය වැටේවිද දන්නේ නැහැ. ඒ නිසා හැමදේටම සූදානම් වෙලා ඉන්න ඕන.

    වෙඩින් ප්ලෑනින් කරන පුද්ගලයන් සමඟ සුහඳතාවයකට එන්න.

    වෙඩින් ප්ලෑන් කරන කොට ඒ අදාළ පුද්ගලයන්ට අත්තිකාරම් මුදල් ලබා දෙන්න ඇති. ඔබ දන්නවා ඒ මුදල් නැවතත් අපිට ලබා දෙන්නේ නැහැ. ඔබ විවාහ මංගල උත්සවය කල් ගියා කියලා ඒ මුදල් නැවතත් ඔවුන්ගෙන් ඉල්ලන එක සාදාචාරාත්මක නැහැ. ඔබ එළඹුණ තීරණය ගිවිසුම් ගැන ඉතා හොඳින් දැනුවත් වෙන්න. දෙපාර්ශවයටම සාධාරණ පියවරක් අනුගමනය කරන්න. මේ කොරෝනා තත්ත්වය නිසා හැමෝම අමාරුවේ වැටිලා නේ ඉන්නේ. ආර්ථිකමය වශයෙන් හැමෝම අපහසු කාළයක් තමයි මේ ගත කරන්නේ.

    ඔබේ විවාහ මංගල උත්සවය ගැන අමුත්තන්ට දන්වන්න.

    හුඟක් අය දැන් වෙඩින් වලට ආරාධනා කරන්නේ facebook, messenger, whatzup, වැනි සමාජ මාධ්‍ය හරහා.ඒ විදියට ආරාධනා කරාම එන නොඑන එක කලින් දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් විවාහ උත්සවය කල් ගිය එකනම් මෙහෙම සමාජ මාධ්‍ය හරහා කියන එක වැරැදියි. ඒ නිසා විවාහ මංගල උත්සවය කල් ගිය එකනම් ටිකක් සාම්ප්‍රදායානුකූලව කරන්න ඕන දෙයක්. පවුලේ අය යහළු යෙහෙළියන් කඩි මුඩියේ ලෑස්තිවෙන්නේ ඔයාගේ මංගල උත්සවයට පැමිණෙන්න නේ. ඉතින් ඒ අයට අනිවාර්යෙන්ම දුරකථන ඇමතුමක් ලබා දී හෝ ගෙදරට ගොස් කියන්න ඕන. නැතිනම් පිළිවෙලට සකස් කරපු ඊ-මේල් එකක් මාර්ගයෙන් හරි විවාහ මංගල උත්සවය කල් ගිය එක ගැන කියන්න ඕන. අනිත් අමුත්තන් ලැයිස්තුව ඔය දෙන්නා සහ පවුලේ අනිත් අය අතර බෙදාගන්න. තමන්ට හිතවත් අයට ඉක්මනින් විවාහ මංගල උත්සවය කල් ගිය බව පවසන්න. ඉක්මනින් දන්වන තරමට තමන්ට ලේසි නේ.

    කල් තියාගන්න පුළුවන් දේවල් පරිස්සමට තියාගන්න..

    ඔයාගේ මංගල දිනයේ වෙනස් වන්නේ දිනය විතරයි. ඒ නිසා ඔයා සකස් කරපු හෝ වෙළඳ පොළෙන් මිළදී ගත්තු ආරාධනා පත්‍ර කේක් පෙට්ටි සහ සැරසිලි වගේ කල් තියාගන්න පුළුවන් දේවල් පරිස්සම් කරලා තියාගන්න ඔබ අනිවාර්යෙන්ම දැනගන්න. දිනය විතරක් වෙනස් වෙච්ච නිසා ඒක නැවත හදාගන්න පුලුළුවන්. ඒ විදියම කඩදාසියක් පුංචි වෙන්න කපලා කේක් පෙට්ටියෙයි ආරාධනා පත්‍රෙයයි අලවාගන්න. මේ වටග් පුංච් දේවල් වලට සල්ලි වියදම් කරන්න යන්න එපා. මොකද වෙඩින් එකකදි සල්ලි වියදම් වෙන්නේ අපි නොහිතන ආකාරයට.

    ඡායාරූපකරණ ශිල්පියා දැනුවත් කරන්න

    ඔබේ විවාහ මංගල උත්සවයේ වැඩිපුරම වගකීම යන තවත් පුද්ගලයෙක් තමයි ඡායාරූපකරණ ශිල්පියා. ඔහුගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මුළු ජීවිත කාළය පුරාවටම ළඟ තියාගන්න වෙඩින් photo එක කොහොම වෙනවදෙ කියලා තීරණය කරන්නේ ඔහුයි. ඉතින් මේ කොරෝනා සමය තුළ අපිට අවශ්‍ය ආකාරයට එහේ මෙහේ ඇවිදලා හිතේ හැටියට ඡායාරූප ගන්න බැහැ. වෙඩින් එකට කලින් කරන pree-shootඑකවත් හරියට කරගන්න බැහැ. කොාහාම වුණත් අපි කැමති ලංකාවේ තියන ලස්සනම තැන් වල කපල් එකත් එක්ක ගිහින් photo shoot එකක් කරන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම ලස්සනට pree-shoot එක ගන්න නම් අපි සිතේ හැටියට ඇවිදලා ඡායාරූපකරණ ශිල්පියා එක්ක කථා කරලා හොඳ location ටිකක් තෝරාගෙන මුළු ජීවිත කාළය පුරාවටම මතක තියන ලස්සනම ලස්සන photo ටිකක් ගන්න ඔබේ ඡායාරෑප ශිල්පියා එක්ක එකඟතාවයකට පැමිණෙන්න.

    නැකැත්කරුවන් සහ අෂ්ඨක කියන පුද්ගලයන් දැනුවත් කරන්න

    මෙන්න මේ කාරණාව ගැන අපි තදින්ම සිතන්න ඕන. වෙඩින් එකකට මාස ගාණක් තියලා නැකැත් හදන්නේ ඒක චාරිත්‍රානූකූල වශයෙන් කරන්න ඕන දෙයක් නිසා. හෙළ සිරිතට මුල් තැන දෙන අපි ඒ පිළිබඳව අපේ දෙමාපියන් එක්ක සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න ඕන. කොාරා්ණා ප්‍රශ්ණය නිසා අපි සිතුවේවත් නැති දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන්නේ මෙන්න මේ නිසයි. මාස ගණන් තියලා වෙඩින් එකට දිනය නියම කරගත්තට පස්සේ ඒ දිනය අකමැත්තෙන් වුණත් පස්සට දමන්නේ නොවැළැක්විය හැකි හේතුවත් නිසා බව ඔබ හා මම දන්න ප්‍රසිද්ධ කරුණක්. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම නැකැත්කරුවන් හමුවෙලා නැවතත් මංගල්‍යට උචිත දිනයක් දාගන්න.මේ සම්බන්ධව දෙපාර්ශවයම දැනුවත් කරන්න. වැඩිය හොඳයි ඔයාගේ අම්මලා තාත්තලා එක්ක යනවා නම්. මොකද එයාලා වැඩිහිටියෝ නේ. අනිත් කාරණාව තමයි අශ්ඨක කියන පුස්ගලයන් දැනුවත් කරන එක. මොකද දිනය වෙනස් කරාට පස්සේ ඒ අය වෙන වැඩ භාරගන්න කලින් අනිවාර්යෙන්ම ගිහින් දෙවනියට ගත්ත දිනය ගැන කථා කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ජයමංගල ගාථා කියන පිරිස ඒ කියන්නේ පුංචි ගැහැණු ළමයි තෝරාගන්න කලින් ඉඳන්. ඒ අයට අනිවාර්යෙන්ම කියන්න මංගල දිනය පස්සට ගියොත්. මෙන්න මේ දේවල් ගැන අනිවාර්යෙන්ම හිතන්න ඕන. මොකද විවාහ මංගල උත්සවයට කල් තියා සූදානම් වෙන්න ඕන. ඒ නිසා හැමදේම වෙලාවේ හැටියට කරගන්න.

    රූපලාවන්‍ය ශිල්පියා දැනුවත් කරන්න

    ඔබේ විවාහ මංගල උත්සවයේ තවත් ප්‍රධානම කෙනෙක් තමයි රූපලාවන්‍ය ශිල්පියා කියලා කියන්නේ. ඔබේ ජීවිතයේ ලස්සනම දවස ඔබ කුමාරිකාවක් වගේ කරන්නේ ඔබ තෝරාගන්නා රූපලාවන්‍ය ශිල්පියා. අන්න ඒ නිසා තමයි ඔබට කලින්ම ඒ ඔබ තෝරාගත් රූපලාවන්‍ය ශිල්පියා දැනුවත් කරන්න කියලා කියන්නේ. මොකද ඔබව ලස්සන කරන එක ඉතාමත් භාරදුර කාර්යයක්. ඔබේ මංගල ඇදුම සකස් කරන්න ඕන. ඒවාට උචිත ආකාරයට මල් බොකේස් සකස් කරන්න ඕන. දෙවැනි මනමාළියන් මල් කුමාරියන් ගේ ඇදුම් පැළදුම් සකස් කරන්න ඕන. මෙන්න මේ දේවල් වලට ඇත්තටම කාලය අවශ්‍යයි. ඒ නිසා කලින් තියාම ඒ අදාළ පුද්ගලයන් දැනුවත් කරන්න ඕන.

    ඉතින් අද රට තුළ පවත්තා තත්ත්වය නිසා ළඟදි විවාහ වෙන්න ඉන්න ගොඩක් අය ඉතාම අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. මොකද දැන් එන්න එන්නම කොරෝනා තත්ත්වය බරපතල වෙන නිසා කවදා තමන්ගේ සිහිනය ඉටු කරගන්න පුළුවන් වෙයිද කියලා ගොඩක් බයෙන් ඉන්නේ. කෙසේ නමුත් මේ උද්ගත වෙලා තියන තත්ත්වය ඉතාම ඉක්මනින් පහ වෙලා ගිහින් ඔබේ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපි ඔබට සුභ පතනවා ඔබේ විවාහ  මංගල උත්සවය ඔබ සිතන ආකාරයටම සිදු කරගන්න පුළුවන් වෙන්න කියලා.

    Written By

    Kasuni Bimaya

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    DREAM Luxury Wedding Cars

    +94765480392
    • Transport

    Luxury Wedding Car For Hire

    • Luxury wedding cars to make your day mesmerized with the lowest rates..

      OUR PACKAGES..
      30km 4hr = RS.4500
      40km 5hr = RS.5500
      60km 7hr = RS.7500
      80km 10hr = RS. 9500
      100km 14hr = RS.12500

      At an economical price decorations can be arrange as your wish.

      Special rate for wedding and home coming both.

      Special discount for long distance trips.

      Driven by years of experienced and professional drivers.

      Package starts only from your door step with no delays.

      No Hidden charges.

    Start Date
    2024-02-01 00:00:00
    • Transport
    • +2
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Bee48

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link