• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    විවාහය ලස්සනට කරගන්න මේ ගැනත් දැන ගන්න...

    • Share
    • Bookmark
    • June 20, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහ වෙන දිනය කියන්නේ හැමෝගේම සිතේ තියන ආශාවන් මුදුන්පත් වන දිනයක්.ඉතින් ඒ දිනය වඩාත් ලස්සනට කර ගන්න හැමෝම සිහින මවනවා. විවාහ වෙන දිනය කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ ඉතාම වැදගත්ම වටිනාම දේ. ඉතින් මේ වැදගත් දවස ගොඩක් ලස්සන කරගන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒ උනාට ගොඩක් අය ඔවුන්ගේ මංගල දිනය සැළසුම් කරනකොට සැළකිළිමත් වෙන්න අතපසු කරන ඒත් අනිවාර්යෙන්ම සැළකිළිමත් වෙන්න ඕන දේවල් කිහිපයක්ම තියනවා.ඔයා ළඟදී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ පොදුවේ කරන වැරැදි ටිකෙන් වැළකෙන්න.

    1. සාම්ප්‍රදායානුකූල මත පමණක් විශ්වාස කරගෙන සිටීම.

    යුවළක් ඔවුන්ගේ විවාහ දිනය සැළසුම් කරනකොට ඒ සිද්ධියට සම්බන්ධ සියළුම දේවල් සාම්ප්‍රදායිකව කරන්න උත්සාහ කරනවා නම් ඒක ගැටළුකාරීයි. අපි මේ කියන්නේ සිරිත් විරිත් ම මඟහැරිය යුතුයි කියන එක නෙවෙයි. උත්සවයේ සියළුම සැරසිලි ගීත ඒ වගේම නර්ථන ආදී සියළුම දේවල් සම්ප්‍රදාය මත ඒවා පදනම් කරගෙන කරනවා නම් ඔයාගේ මංගල උත්සවය නීරස වෙන්න පුළුවන්. සම්ප්‍රදාය ගරු කරමින් ඔබේ උත්සවය ඔබට අවශ්‍යය ආකාරයට සැළසුම් කරාට කිසිම වැරැද්දක් නැහැ. ඒත් ගොඩක් ඈත අතීතයට යන්න උත්සාහ කරන්න එපා. සම්ප්‍රදාය රැක ගනිමින් අපි කරන්න ඕන අලුත් අලුත් දේවල් එකතු කරගන්න ඒක. අලුත් පරම්පරාවක් විදියට අනිවාර්යෙන්ම අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ඕන අපේ සම්ප්‍රදාය ආරක්ශා කරගෙන අලුතෙන් සිතන්න.

    1. උත්සව සභාව මෙහෙයවන්නා ගැන කලින් තියාම දැනුවත් වෙන්න.

    ඔබගේ උත්සව සභාව ටමටහයවීමට පිටතින් කවුරුහරි ගේනවා නම් හෝ කලින් කෙනෙක් ඔබ තෝරාගෙන සිටින්නේ නම් අනිවාර්යෙන්ම ඒ කෙනාට ඔබගේ මංගල සභාවේ කටයුතු කෙසේ විය යුතු දැයි ප්‍රකාශ කරන්න. ඒ වගේම ඔහු මොන වගේ පුද්ගලයෙක්ද යන්න ඔබ කලින් තියා දැන සිටිනවා නම් ඉතාමත්ම හොඳයි. මොකද මේ වගේ දේවල් වලට ගන්න ඕන ටිකක් දැන උගත් පුද්ගලයෙක්. ඒ වගේම ඔහුට පුකාශ කරන්න ඕන ඔබ කවුද මොන වගේ පුද්ගලයෙක්ද කියන එක. ඒ අදාළ පුද්ගලයා එතකොට ඒ ස්ථානයට ගැළපෙන විදියට කථාව හදා ගන්නවා නේ.

    1. මංගල දිනයට පසු උත්සව

    විවාහ මංගල්‍යයට පසු දිනම ඔබේ දෙවැනි දවස හෝ වෙනත් මංගල්‍යයට සම්බන්ධ උත්සවයක් පැවැත්වීමට තීරණය කර තියනවා නම් එය ඇත්තටම සුදුසු නැහැ. එවිට ඔබට අධික මහන්සියක් දැනේවි. මොකද මංගල දිනය කියන්නේ හැමෝගේම හීනයක්. ඒ දවසට ඉතාම ලස්සට ඉන්න අපි සැළසුම් කරන්න ඕන. මංගල දිනය දවසට ගොඩක් අය ආතතියෙන් ඉන්නවාත මේන මේ විදියට කරගන්න පුළුවන් වෙයිද බැරැ වෙයිද කියලා. අන්න ඒ නිසා ඉතාම ප්‍රෙව්ශම්කාරී වෙන්න ඕන. මංගල දිනයට පසු දිනය අනිවාර්යෙන්ම විවේකයක් අවශ්‍ය වෙන්න ඕන. ඒ නිසා ළඟදී විවාහ ‍ෙවන්න ඉන්න ඔබ මංගල දිනයට දින දෙකක්වත් පසුව අනිත් උත්සවය ගන්න සූදානම් වෙන්න.

    1. පොදු ස්ථාන වල විවාහ උත්සව පැවැත්වීම

    විවාහ උත්සවය කියන්න සුන්දර හා ආදරය දනවන හැඟීම් දනවන සුවිශේශී සිදුවීමක්. ඉතින් එවැනි පෞද්ගලික කටයුත්තකට සෙනඟ ගැවසෙන පොදු ස්ථානයක් තෝරාගන්න ඒ තරම් පහසු නැහැ. එවිට අදුරන්නේ නැති අය ඔබේ ඡායාරූප නැරඹීමට ඔබේ අමුත්තන්ට කථා කිරීමට පැමැණෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම උත්සවයට සහභාගී වෙන්නත් ඒ අය කටයුතු කරන්න පුළුවන්. එවැනි තත්ත්වයක් මඟ හරවා ගන්න ඔබ කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ බාහිර පුදුගලයන් ගැවසෙන ස්ථානයකින් තොර තැනක් තමයි මේකට ගන්න ඕන. එවැනි තත්ත්වයන්ගෙන් මඟ හැරීම සඳහා ඔබම වෙන්කරගත් ස්ථානයක ඔබේ මංගල උත්සවය පවත්වන්න.

    1. මංගල සභාවට වැඩි කාළයක් වෙන් කිරීම

    මංගල සභාවකදී පවත්වන කථා ඉතාමත් දිතු ඒවා නොවිය යුතුයි. ඉතාමත්ම කෙටියෙන් ඒවා සකස් කර ගැනීමට මංගල සභාව මෙහෙයවන පුද්ගලයාට උපදෙස් දෙන්න ඕන. මොකද ගොඩක් අය අකමැතියි කථා අහගෙන ඉන්න. ගොඩක් දුරට කථා දීර්ඝ වීමෙන් ඔබේ මංගල උත්සවය නීරස එකක් වගේම පැමැණ සිටින අයට එපා වුණ එකක් වෙන්න පුළුවන්. එය ඒ  නිසා සභාව ඇමතීමට සිටින අයට ඉතාම කෙටියෙන් ඔවුන්ගේ කථාව අවසන් කරන ලෙස කලින්ම ඔවුන්ව දැනුවත් කරන්න ඕන.

    1. මංගල සැළසුම් ප්‍රමාද කිරීම

    ගොඩක් අය සිතන්නේ තමන්ට ඇති තරම් කාළය තියනවා. ඒ නිසා කලබල වෙලා මංගල්‍ය සැළසුම් කරන්න ඕන නැහැ වගේ කියන තැන ගොඩක් අය ඉන්නාවා.  ඒත් කාළය පියාඹලා යන්නේ හීයක වේගයෙන්. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම කල් තියලා දෙන්නම එකතු වෙලා උත්සවය සැළසුම් කරන්න ඕන. ඔබ සියල්ල කිරීමට අවසාන මෙහොත වෙන තෙක් සිටියහොත් කාළය මදි වෙන්න පුළුවන්. අවසානයට වෙන්නේ මංගල දිනයේදී ඔබ හෙම්බත් වී ආතතියට පත් වීම විතරක් වෙන්න පුළුවන්.

    1. වෘත්තීය කැමරා ශිල්පියෙකුගේ සහාය ලබා නොගැනීම.

    මුදල් කාළය ඉතිරි කර ගැනීමට සිතලා ඔබේ ලස්සන දවස විනාශ කරගන්න එපා. අනවශ්‍ය වියදම් කපා හැරීම වැදගත්. නමුත් අපි ජීවිතයේ ගොඩක් බලාපොරාත්තු තියන් ඉන්න මේ ලස්සන දවස ඡායාරූප ගත කරන්න වීඩියෝගත කරන්න වෘත්තීමය ඡායාරූප ශිල්පියෙක්ට ලබා දෙන්න ඕන. එය ඔබේ ඉතිරි ජීවිත කාළයටම නැවත නැවත නැරඹිය හැකි සුන්දර මතක සටහනක් ලෙස තියා ගන්න පුළුනවන් වෙන්න ඕන.

    1. අධික ලෙස මත්පැන් පානය කිරීම

    ඔබේ සුන්දර දවස අසුන්දර එකක් වෙන විදියට ඔබව පාලනයෙන් තොර වෙන විදියට මංගල දිනයේදී මත්පැන් පානය කිරීමට පෙළෙඹෙන්න එපා. මොකද ඔය ගොඩක් දෙනා තමන්ගේ ලස්සන දවස අවලස්සන කරගන්නේ මෙන්න මේ මත්පැන් වලට හුරු වීම නිසා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මනමාළ පාර්ෂවය මේ ගැන සිතන්න ඕන. ඔබට උණුසුම් ආදරණීය හා ආකර්ෂණීය වටපිටාවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් අඩු ඇල් කොාහාල් ප්‍රමාණයක් පානය කරන්න.

    1. මංගල කණ්ඩායම සඳහා දරුවන් තොරා ගැනීමේදී.

    කුඩා දරුවන් මේ සඳහා තෝරා ගැනීමේදී දැනුම තියන වයසේ දරුවන් තෝරා ගන්න  ඕන. ඒ වගේම පැය ගණණක් රස්තියාදු වීම නිසා දරුවන් බොහෝ  දෙනෙක් මේ මංගල  දවසේදී නිරාහාරව සිටින නිසා හෙම්බත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්නට අවදානය ායාමු කරන්න හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන්න කලින්ම යම් කෙනෙක්ට බාර දෙන්න.

    1. සෑම දෙයක්ම ඔවුන් විසින්ම සංවිධානය කිරීම.

    සමහර මනාළියන් වෙනත් කිසිම කෙනෙත් විශ්වාස නොකරන අතර සෑම දෙයක්ම තමා විසින්ම කිරීමට උත්සාහ කරනවා. එවැනි විටෙක වෙන්නේ මනාළිය බොහෝ වෙහෙසට පත් වී මනාළිය මානසික වශයෙන් හෙම්බත් වීමයි. ඒ නිසා සෑම දෙයන්ම ඔබම කිරීමට උත්සාහ නොකර විශ්වාසවන්ත කිහිපදෙනෙකුට එම වැඩ කටයුතු පවරන්න.

    1. එළිමහනේ මංගල උත්සව පැවැත්වීම

    තමන්ගේ විවාහ මංගල උත්සව දිනයේදී කාළගුණය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමට කිසිම යුවළකට බැහැ. මොකද කාළගුණය මෙහොතින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම හිරු එළියට හා සුළං වලට ඔබේ පෙනුම විනාශ කර දමන්නත් පුළුවන් කමක් තියනවා. ඒ නිසා ඔබේ ඡායාරූප පමණක් එළි මහනේ අරගෙන උත්සවය ඇතුළත පැවැත්වීමට කටයුතු කරන්න.

    1. මධු සමය සංවිධානය නොකිරීම

    විවාහ මංගල්‍යයක් සංවිධානය සඳහා ඔබ බොහෝ උත්සාහයක් හා ශක්තියක් දරනවා. ඒ වගේම විවාහයට පසුව විවේකයතක් ලබා ගැනීමට මධු සමය අනර්ඝ ලෙස සැළසුම් කිරීමට අමතක කරන්න එපා.

    1. විවාහය උත්සවාකාරයෙන් සැමරුවේ නැහැ.

    විවිහ උත්සවය කියන්නේ හැමෝගේම ජීවිතයේ එන සුන්දරම දවසක් කියලා ඔබ අපි සියළු දෙනාම දන්නවා. ඒ නිසා අනිවාර්යෙන්ම ජීවිතයේ එක් වතාවක් මේ උත්සවය සමරන්න කටයුතු කරන්න ඕන. ගොඩක් දෙනාගේ අහිංසකම හීනයක් තමයි මේක. මේ උත්සවය සැමරුවේ නැතිනම් පසුකාලීනව ගොඩක් දෙනා පසු තැවිලි වෙනවා. මේ උත්සවය බොහෝ මුදල් වියදම් කරමින් අධි සුඛෝබභෝගී විදියට කරන්න ඕන නැහැ. ඔබට හැකි ප්‍රමාණයෙන් මේ දේවල් කරගන්න කටයුතු කරන්න ඕන.

    1. මංගල ඡායාරූප ගැනීමේදී

    ඔබ සමරන උත්සවය මොකද්ද කියලා අමතක කරන්න එපා. සෑම දෙයක්ම ඔබේ රුචි අරුචිකම් මත සංවිධානය කරන්න. ඒ වගේම ඔබට ඇත්තටම අවශ්‍ය දේ තේරුම් ගැනීමට හා ඔබේ නිර්භීත අදහස් සැබෑ කරගන්න බිය වෙන්නත් එපා. මේ දවස ඔබගෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම සුවිශේෂී විය යුතුයි. මංගල ඡායාරූප ගැනීමේදී ඔබට අවශ්‍ය ආකාරයට ඔබ කැමැති විදියට ඒවා ගන්න අමතක කරන්නත් එපා.

    මෙන්න මේ කියලා තියන දේවල් අනුව ඔබේ මංගල දිනය ඉතා උත්කර්ෂවත් එකක් විදියට කර ගැනීමට අපි ඔබට සුභ පතනවා. අනිත් අයටත් මේ දේවල් දැනගන්න Share කරන්න පුළුවන් ඔයාට ..

    Written By

    Kasuni Bimaya

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    DREAM Luxury Wedding Cars

    +94765480392
    • Transport

    Luxury Wedding Car For Hire

    • Luxury wedding cars to make your day mesmerized with the lowest rates..

      OUR PACKAGES..
      30km 4hr = RS.4500
      40km 5hr = RS.5500
      60km 7hr = RS.7500
      80km 10hr = RS. 9500
      100km 14hr = RS.12500

      At an economical price decorations can be arrange as your wish.

      Special rate for wedding and home coming both.

      Special discount for long distance trips.

      Driven by years of experienced and professional drivers.

      Package starts only from your door step with no delays.

      No Hidden charges.

    Start Date
    2024-02-01 00:00:00
    • Transport
    • +2
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Bee48

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link